free web stats

ඇන්ඩෘෘ කුමරු යෝර්ක් හි ආදිපාද ධුරය අත්හරියි

තමන් වෙත පිරිනමා ඇති යෝර්ක් හි ආදිපාද තනතුර අත්හරින බව බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු පවසනවා.

දෙවැනි එලිසබෙත් රැජිනගේ තෙවැනි දරුවා ද වන ඇන්ඩෘෘ කුමරු මෙම තීරණය ගෙන ඇත්තේ, දැනට ජීවතුන් අතර නැති, ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමග සබඳතා පැවැත් වූ බවට වසර ගණනාවක සිට චෝදනා එල්ල වූ පසුබිමකයි.

ඊට අමතරව පසුගිය වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් මගින් ඇන්ඩෘෘ කුමරුගේ සමීප ව්‍යාපාරික සගයෙකු චීන ඔත්තුකරුවකු බව හෙළිවීම ද මෙම තීරණයට තවත් හේතුවක් වී තිබේ.

තමන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන් සිය සහෝදරයා වන චාල්ස් රජුගේ සහ රාජකීය පවුලේ කටයුතුවලට ද බලපෑම් එල්ල වන බැවින් මෙලෙස සිය තනතුර අත්හරින බව ඇන්ඩෘෘ කුමරු පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *