ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාන් දොරටු 4ක් අඩි 4 කින් සහ වාන් දොරටු 2ක් අඩි 3 කින් විවෘත කර ඇති බවයි.
එම වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 15,000ක මුළු ජල ප්රමාණයක් මුදා හැරේ.
මේ අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 6 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන 7,800 මුළු ජල ප්රමාණයක් මුදා හරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර අංගමුව වැවේ වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 2,994ක් ජල ප්රමාණයක් මුදා හරී.
මේ අතර ගලහා නිල්ලඹ ජලාශයේ වාන් දොරටු තුනක් අද (18) සවස විවෘත කළ බව අප වාර්තාකරු පැවසූවා.

