උඩරට දුම්රිය මාර්ගයේ ගමන්වාර අවලංගු කළ හේතුව
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය මතට ඊයේ (19) දින පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් ප්රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.
එම දුම්රිය පිලීගත කිරීමේ කටයුතු තවදුරටත් ප්රමාද විය හැකි බැවින් තවත් දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව පස්වරු 12.40ට කොළඹ කොටුව දෙස සිට නානුඔය බලා ධාවනය වන දුම්රිය සහ පස්වරු 03.00ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන ශීඝ්රගාමී දුම්රියද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඊයේ පස්වරුවේ දුම්රිය මාර්ගය ආසන්නයේ සුළු නායයෑම් තත්ත්වයක් හට ගෙන ඇති අතර ඒ අනුව මෙම දුම්රිය පීලි පැන තිබුණා.
පසුව ඇති වූ තත්ත්වය මත උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.

