ට්‍රම්ප්ට එරෙහිව ව්රෝධතා රැල්ලක්
අමෙරිකාවේ ජනාධිපතිවරයාට එරෙහිව පෙරේදා රාත්‍රී රට පුරා ‘රජවරුන් එපා’ නමින් අතිවිශාල විරෝධතා රැල්ලක් පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නිව්යෝර්ක් නගරයෙන් ආරම්භ වූ එම විරෝධතාවට 2,500කට රැලි සංවිධානය කර තිබූ බවත්, සෙනසුරාදා වන විට වොෂින්ටන් ඩීසී, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලිස් ඇතුළු සෙසු නගරවලටත් පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
දහස් සංඛ්‍යාත ජනතාව නිව්යෝර්ක් නුවර ටයිම්ස් චත්‍රරස්‍රය අසලට රැස්ව පැවැත්වූ එම විරෝධතාව සංවිධාන කර ඇත්තේ No Kings නමැති වාමාංශික කණ්ඩායම විසින් බව ද වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් පරිපාලන කටයුතු සිදු කරන ආකාරය දැඩි විවේචනයට ලක් කරමින් ඓතිහාසික ටයිම්ස් චතුරස්‍රය අසලට රැස්වූ විරෝධතාකරුවන් අධිපතිවාදය නොව ප්රජාතන්ත්රවාදය යනුවෙන් සඳහන් වූ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ අතර ට්‍රම්ප් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් විරෝධතාකරුවන් අන්ත වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධවූවන් බවත්, එය අමෙරිකානු විරෝධි රැල්ලක් බවත් ප්‍රකාශ කර තිබේ.
සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමට එරට ප්‍රාන්ත රැසක ජාතික ආරක්ෂක හමුදාව යොදවා ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවත් විරෝධතාවේ සංවිධායකයන් සඳහන් කර ඇත්තේ එය සාමකාමී විරෝධතාවක් බවයි.
පසුගිය ජනවාරි මාසයේදී නැවත බලයට පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ බලය පුළුල් ලෙස භාවිත කර ඇතැයි ද, මධ්‍යම රජයේ අංශ විසුරුවා හැරීමට සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ විරෝධතා නොතකා එම ප්‍රාන්තවලට ජාතික ආරක්ෂක බළකාය යෙදවීමට විධායක නියෝග භාවිත කර ඇතැයි ද විරෝධතාකරුවන් චෝදනා කර තිබෙනවා.
මේ අතර අමෙරිකාව නැවත ගොඩ නැඟීම සිය වගකීම බව අවධාරණය කරමින් විරෝධතාකරුවන්ට එරෙහිව නඩු පවරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නීති නිලධාරින්ට උපදෙස් දී ඇති අතර, තමා ඒකාධිපතියකු හෝ පැසිස්ට්වාදියකු ලෙස හැසිරෙන බවට විරෝධතාකරුවන් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. නිව්යෝර්ක් පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ නගරයේ ස්ථාන 5ක් පුරා ලක්ෂයකට අධික විරෝධතාකරුවන් රැස්වී සිටින බවය. කෙසේ වුවත් විරෝධතාව සම්බන්ධව මෙතෙක් කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නැති බවද නිව්යෝර්ක් පොලීසිය සඳහන් කර තිබේ.

