උඩරට දුම්රිය මාර්ගයේ අදත් ගමන් වාර 04ක් අවලංගු කෙරේ
පවතින අධික වර්ෂාපතනයත් සමඟ උඩරට මාර්ගයේ අද (21) උදෑසන ධාවනය කිරිමට නියමිතව තිබෙන ගමන් වාර 04ක් අවලංගු කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරනවා.
ඒ, ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම නිසා දුම්රිය මාර්ගය තවදුරටත් අවහිරවීම හේතුවෙන්.
මේ අනුව, මහනුවර හා මාතලේ සිට කොළඹ කොටුව හා මාතර බලා ධාවනය වන දුම්රිය ගමන් වාර 04ක් මෙලෙස අවලංගු කර තිබෙනවා.

