free web stats

ගංගා ද්‍රෝණි කිහිපයකම ජලමට්ටම් ඉහළට

පසුගිය දිනවල ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයකම ජලමට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

බද්දේගම සහ ගාල්ල ගිං ගඟ ද්‍රෝණිය අවට බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් වර්ෂාව ලැබෙමින් පවතී. එසේම වැඩම වර්ෂාපතනය මිලිමීටර් 172කට ආසන්න ප්‍රමාණයක් බද්දේගමට වාර්තා වී තිබෙනවා.

එසේම කළු ගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය සහ කිරිඳි ඔයට විශාල වර්ෂාපතනයක් ලැබෙන ගංඟා ද්‍රෝණි ලෙස මේවන විට වාර්තා වෙනවා.

මේවන විටත් මහ ඔය සහ දැදුරු ඔය ගංඟා ද්‍රෝණිවල පහළ ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බද්දේගම ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් එහි පහත් බිම් ජලයෙන් යටවීමට ලක්ව ඇතැයි සදහන් වෙනවා.

රාජාංගනය, අංගමුව, කලාවැව, දැදුරුඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසනවා.

මේ අතර නාය යෑමේ අවදානම පැවැතිය හැකි දිස්ත්‍රික්ක කිහිපයක් පිළිබඳ කහ නිවේදනයක් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත. බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා එම දැනුම් දීම සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *