free web stats

සෞඛ්‍ය ඇමැ­ති­ව­රුන්ගේ දූෂණ හා වංචා හෙළි නොකරන වර්තමාන බලධාරින්

හිටපු සෞඛ්‍ය ඇමැ­ති­ව­රුන් වන පවිත්‍රා වන්නි­ආ­රච්චි, චන්න ජය­සු­මන සහ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහත්ම මහ­ත්මීන්ගේ පාලන කාල­යේදී සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය තුළ සිදුවූ දූෂණ හා වංචා සම්බ­න්ධ­යෙන් දිගින් දිග­ටම විග­ණ­නය කරුණු විම­සන නමුත් අදාළ කරුණු ලබා­ දී­මට වර්ත­මාන සෞඛ්‍ය බල­ධා­රීන් කට­යුතු නොක­රන බවට නව­තම විග­ණන වාර්තා­වන්ට අනුව හෙළිවී තිබෙනවා.

එම නිසා ඒ සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශ­න­යක් පවත් වන ලෙසට වෛද්‍ය හා සිවිල් අයි­ති­වා­සි­කම් පිළි­බඳ වෛද්‍ය­ව­රුන්ගේ වෘත්තීය සමිති සන්ධා­නයේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉල්ලී­මක් කර තිබෙනවා.

කොවිඩ් එන්නත් ලක්ෂ හැත්තෑ­වක් පමණ සීමාව ඉක්මවා මිලදී ගැනී­මෙන් රජ­යට ඩොලර් මිලි­යන 70කට අධික පාඩු­වක් සිදු­වීම සම්බ­න්ධව විග­ණ­කා­ධි­ප­ති­ව­රයා දිගින් දිග­ටම කරුණු විමසා ඇත. නමුත් වර්ත­මාන සෞඛ්‍ය බල­ධා­රීන් අදාළ කරුණු වසන් කරන බවට නව­තම විග­ණන වාර්තාව සඳ­හන් කර ඇතැයි ද වෛද්‍ය චමල් සංජීව මහතා පැව­සු­වා.

මෙම කාල­සී­මා­වේදී සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිල­තල දැරූ වර්ත­මාන සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ මහතා සහ වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රුන් මේ ආකා­ර­යට තොර­තුරු ලබා නොදී සිටීම හරහා පසු­ගිය කාල­සී­මා­වේදි සිදු වූ බොහෝ දූෂණ යට­පත් විය හැකි බව පෙන්වා දෙයි.

මේ සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙසට වෛද්‍ය චමල් සංජීව මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර මහ­තා­ගෙන් පෙරේදා (19) ඉල්ලී­මක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සහ විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය මඟින් ඖෂධ මිලදී ගැනීම සඳහා පරි­ත්‍යාග කළ රුපි­යල් මිලි­යන 900කට ආසන්න මුද­ලක් අව­භා­විත වී ඇති බවට විග­ණ­නය මඟින් පෙන්වා දෙන කරුණ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස ද ඔහු ඉල්ලී­මක් කළා.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, ඖෂධ නියා­මන අධි­කා­රිය, වෛද්‍ය සැප­යුම් ඒක­කය හා රට පුරා ප්‍රධාන පෙළේ රෝහල් 25ක දූෂණ සම්බ­න්ධව නව­තම විග­ණන වාර්තා­වෙන් පෙන්වා දුන් කරුණු සම්බ­න්ධ­යෙන් නිසි අව­ධා­න­යක් යොමු කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා ද කට­යුතු කළ යුතු බව ද අව­ධා­ර­ණය කරයි.

එසේ නොවන්නේ නම්, මෙම දූෂිත නිල­ධා­රීන් සමඟ සෞඛ්‍ය පද්ධ­තිය ගොඩ­නැ­ඟිය නොහැකි බවට ජනා­ධි­ප­ති­ව­ර­යාට අව­බෝධ විය යුතු බවත් වෛද්‍ය චමල් සංජීව මහතා අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­පිට මාධ්‍ය සාක­ච්ඡා­වක් පව­ත්ව­මින් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *