අයහපත් කාලගුණයෙන් පීඩාවටපත් ජන ජීවිත
පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහිදී පවුල් 7395කට අයත් පුද්ගලයින් 29,414 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.
මේ අතර දිස්ත්‍රික්ක 11කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය ද තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසූවා.
මේ අතර මේ දක්වා ලැබුණු වර්ෂාව පතනය හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඕයේ ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

