free web stats

ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක්

වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 40649 වාර්තා වී තිබෙනවා.

ගතවූ සතිය තුළ දිවයින පුරා වාර්තා වූ රෝගීන්ගෙන් 50% පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

එම ඒකකය පැවසුවේ වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවධානමත් පවතින බවයි.

ඒ අනුව ඉදිරියේදී ඩෙංගු රෝග මර්ධන වැඩසටහන් සහ ගොඩනැගිලි පරීශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහන් වැඩි කිරීමට අපේක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

වසරේ ගතවු කාලය තුළ ඩෙංගු හේතුවෙන් රෝගීන් විසි දෙදෙ‍ෙනකු මියගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *