අද පාතාල නායකයෝ ජාතික වීරයන් බවට පත්වෙලා
මාධ්‍ය සංදර්ශන නිසා පාතාල නායකයන් කියා ගන්නා පිරිස ජාතික වීරයන් බවට පත්ව ඇතැයි සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ සර්වජන බලය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වම්න් පැවසූවේ,
“අද වන විට හරක් කටාගෙයි ජනාධිපතිවරයගෙයි ආරක්ෂාවේ වෙනසක් නෑ. ඔහු පැන යෑම වළක්වා ගැනීමට ආරක්ෂාව දුන්නට කමක් නෑ. ඒත් එවැනි දේ බලන තරුණයන් හිතනවා, ජනාධිපතිවරයෙක් වෙනවාට වඩා පාතාල ලොක්කෙක් වෙන එක සුදුසු කියලා. හොරු අල්ලන්නෙත්, පාතාල සාමාජිකයන් පිළිගන්නෙත්, පොලීසියෙන් වෙඩි තියන්නෙත් කැමරාව ඉස්සරහට දාගෙනයි.
පාතාලය අල්ලනවා තමයි. හැබැයි සමාජ මාධ්‍ය, ප්‍රධාන මාධ්‍ය මෙය පෙන්වීමෙන් ඔවුන් වීරයන් වෙලා. ඒකෙන් තරුණයන් හිත්වලට වැරැදි අදහස් යනවා. එම නිසා අපි කළ යුත්තේ මොකක්ද, නැත්තේ මොකක්ද කියලා තේරුම් ගත යුතුයි.
සර්වජන බලය විදිහට අපි හිතන්නෙම වෙනස් ආකාරයට. දිලිත් ජයවීර මහතා සර්වජන බලය හදන්නේම මේ රටේ වෙනස්ම දේශපාලනයක් ඇති කරන්න. සිරිමාවෝ මැතිනිය බොහෝ ආයතන ජන සතු කර රට ගෙන යන්න හැදුවා. හරි ගියේ නෑ. ජේ. ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය ගෙනාවා. පිටරට තියෙන හැමදේම ලංකාවට එන්න ගත්තා. මහින්ද මහත්තයාගේ ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයා දක්වා සහන දීලා ජනතාව නැඟිට්ටවන්න උත්සාහ කළා. සාර්ථක වෙලා නෑ. ජනසවිය කිවුවා, සමෘද්ධිය කිවුවා. දැන් අස්වැසුම. හෙට අනිද්දට තව දෙයක් කියයි. හැබැයි එයින් බලාපොරොත්තු වූ නඟාසිටුවීම වුණේ නෑ. සහන දීලා වුණේ සහනාධාර වැඩි වෙලා එය රජයට බරක් බවට පත්වීමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා කළ භෞතික සංවර්ධනය රටට ඉතිරි වුණා. ඒක හොඳ දෙයක්. පස්සේ ආර්ථික සංවර්ධන නිලධාරීන් ගම් ගානේ පත් කළාට වූ ආර්ථික සංවර්ධනයක් නෑ. අපි වෙනස් දේ ගැන සිතිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් දියුණු වෙලා තිබෙන්නේ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඇති කරලා. ඔවුන් කළේ විවිධ නම්වලින් ව්‍යවසායකයන් ඇති කර රට දියුණු කිරීමයි.
අපේ රටේ උත්සාහය ඩඩ්ලි සිරිසේන ආයේ හාල් මෝලකට යවන එක. දිලිත් ජයවීර තැපැල් නයින්ටියට යවන එක. ධම්මික පෙරේරා බිංදුවට වට්ටන එක. එහෙම නැත්නම් කවුරු හරි මොනවා හරි ගත්තම පෙත්සම් ගහලා හරි එය නැති කරන එක.”

