free web stats

ව්පක්ෂයේ ඉල්ලීම් කළ මන්ත්‍රීවරුන්ට පිස්තෝල

ඉල්ලීම් කර ඇති විපක්ෂ මන්ත්‍රීවරුන්ට, අපරාධ විශ්ලේෂණ වාර්තා පරික්ෂා කිරීමෙන් අනතුරුව පිස්තෝල ලබාදීමට කටයුතු කරන බව, පොලීසිය පවසනවා.

පොලීසිය සදහන් කළේ, ඊට අදාළ අපරාධ විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවයි.

ආරක්ෂාව සඳහා පිස්තෝල ලබාදෙන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් 20කට අධික පිරිසක් පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිපි භාරදී තිබේ.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කළ බවයි.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු තම ආරක්ෂාව සඳහා ගිනි අවි ලබාදෙන්නැයි ඉල්ලීමක් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *