එක් අයෙකුට මරු කැදවූ හොරණ වෙඩ් තැබීම
හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ ඊයේ (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයෙක් මියගොස් තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ මෙහෙයුමක්ද දියත් කර ඇත.

