free web stats

රටේ ක්‍රියා­ත්මක වෙන්නේ පාතාල සංස්කෘ­ති­යක්

අද රටේ ක්‍රියා­ත්මක වන්නේ සංව­ර්ධන සංස්කෘ­තිය නොව පාතාල සංස්කෘ­ති­යක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව කියා සිටියේ මැද­කො­ළඹ ආස­නයේ නැඟෙ­න­හිර මාලි­ගා­වත්ත සහ ඛෙත්තා­රාම කොට්ඨා­සයේ සමගි ජන බල­වේ­ගයේ සාමා­ජික ප්‍රව­ර්ධ­නය වෙනු­වෙන් පෙරේදා (01) පැවැති ජන හමු­වක් අම­ත­මින්.

එහිදී ඒ මහතා මෙසේද පැවසූවා,

අද වන­විට රටේ ජන­තාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මා­ණය වී ඇති ද කියා ගැට­ලු­වක් තිබෙ­නවා. නගර සභාවේ බලය, පාර්ලි­මේ­න්තුවේ හා ජනා­ධි­පති බල­යත් තියා­ගෙන වත්මන් රජය කියපු දේවල්, දෙනවා කිව්ව සහන, පොරොන්දු වූ දේවල්, කර­නවා කී සේවාව ඉටු කරන පාට­ක්වත් නැහැ.

සංව­ර්ධ­න­යෙන් බැබ­ළෙන නග­ර­යක් බවට පත් කර­නවා යැයි කියූ දේවල් අද කිසි­වක් ඉටු වී නැහැ. ජන­තාව ගෙද­රින් එළි­යට බහින විට නැවත ගෙදර එන­වාද නැද්ද කියා විශ්වාස නැහැ. පාතාල සංස්කෘ­ති­යක් නිර්මා­ණය වී තිබී­මත් තැන තැන වෙඩි පත්තු­වී­මත් නිසා මේ තත්ත්වය ඇති වෙලා තිබෙ­නවා.

ජන­තා­වට අද සමාජ ආර­ක්ෂාව පවා අහිමි වෙලා. නීතිය හා සාමය මැර කල්ලි­ව­ලට පාතාල කල්ලි­ව­ලට බදු දීලා. මේ නිසා රටම බියෙන් සැකෙන් පෙළෙ­නවා.

පාතා­ලය සමා­ජය පාල­නය කරන විට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය විනාශ වීමත් මෙහි වාසිය යන්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය බැහැර කර තනි පක්ෂ පාල­න­යක් රටේ ඇති කරන්න උත්සාහ කරන වත්මන් ආණ්ඩු­වට බව විපක්ෂ නාය­ක­ව­රයා පැව­සූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *