‘කරන්දෙණිය සුද්දා’ගේ ඥාතියෙකුට වෙඩ්
අම්බලන්ගොඩ නගරයේදී අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත තිබෙනවා.
අද උදෑසන10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා පැවසූවේ.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මාළු ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මොහු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ ඥාතියෙකු බව ද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවා.

