free web stats

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට

බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ , බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑම හේතුවෙනී.

දිවයිනපුරා අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්, මෙම තත්ත්වය මතුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවයින පුරා බන්ධනගාරවල රැදවිය හැකි රැදවියන් සංඛ්‍යාව 10350ක් වේ.

මේ වන විට 37 000කට ආසන්න පිරිසක් බන්ධනගාරවල රදවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙනු ලබනවා.

ඒ අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 30 – 40 ත් අතර පුද්ගලයින් බවයි පැවසෙන්නේ.

මේ අතර බුස්ස බන්ධනාගාරයේ ලොකු පැටී රඳවා සිටින කුටියේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන තිබෙනවා.

ඒ , පොලිස් විශේෂ කාර්ය බලකාය කල මෙහෙයුම්වලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *