free web stats

නිවාස සිහි­නය වෙනුවෙන් යක­ඩ­ බදු අඩු කරන්න

තරුණ පර­ම්ප­රාවේ නිවාස සිහි­නය සැබෑ කිරී­මට නම් යකඩ සඳහා අය කරන ඉහළ බද්ද අඩු කර­න්නැයි සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

“යකඩ සඳහා අය කරන බද්ද වැඩියි. ගොඩ­නැ­ගිලි ඉදි­කි­රීම සඳහා අමු­ද්‍රව්‍ය මිලදී ගැනී­මේදී ඉහළ බද්දක් ගෙවී­මට සැමට සිදු වෙනවා. අද තරුණ තරු­ණි­යන් විවාහ ජීවි­ත­යට පත්වී හෝ විවාහ වීමට අපේ­ක්ෂා­වෙන් සිටින විට ඔවුන්ගේ සිහි­න­යක් තිබෙ­නවා.

එය තමයි තම­න්ගේම කියා හිසට වහ­ලක් සහිත ‍නිව­සක් ඉදි­කර ගැනීම. නි‍ව­සක් ඉදි­කර ගැනී­මේදී යකඩ සඳහා අය­ක­රන බද්ද වැඩියි. ඒ නිසා මිලි­යන ගණ­නක් වන තරුණ පිරි­සක් විශාල පීඩා­ව­කට පත්වෙ­නවා. බදු ආදා­යම වැඩි­කර ගැනීම රට­කට හොඳයි. නමුත් බදු ප්‍රති­ශ­තය තීර­ණය කිරී­මේදී අත­වශ්‍ය අංශ­ව­ලට සහන පිළි­වෙ­තක් අනු­ග­ම­නය කළ යුතුයි. ඉන් ලැබෙන ප්‍රති­ලා­භ­වල උරු­ම­ක­රු­වන් වීමට කී දෙනෙ­කුට හැකි­දැයි සිතා බැලිය යුතුයි.

බදු ප්‍රති­පත්ති සම්පා­ද­ක­යින් සමාජ ප්‍රශ්න පිළි­බ­ඳව ගැඹු­රින් සිතා බලා තීන්දු තීරණ ගත යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *