free web stats

කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු මෙන්න

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූවා.

පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්වේ.

වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *