free web stats

ඝාතනය කර වසරකට පසුව වැසිකිළි වලෙන් හමුවූ මළ සිරුර

ගම්පහ, ඉදුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර වැසිකිළිවලකට දමා තිබූ පුද්ගල මළ සිරුරක් අධිකරණ නියෝග මත ගම්පහ පොලිසිය විසින් ඊයේ (08) දින ගොඩගනු ලැබුවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉදුරුගල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 61 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වේ.

අදාළ ඝාතනය පසුගිය 2024.09.08 දින සිදු වී ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සොහොයුරකු විසින් අතුරුදන් වීමක් සම්බන්ධව ගම්පහ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත් වසරක පමණ විමර්ශනයකින් පසුව අනාවරණය වූ කරුණු අනුව පොලීසිය විසින් (06) දා දිනයේ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමට හැකි වී තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ අදාළ පුද්ගලයින් තිදෙනා එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති බවත් එම අවස්ථාවේ දී ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයාට පොල්ලකින් පහර දී පසුව වැසිකිළිවලට දමා වසා දැමූ බව ඔවුන් එහිදී පාපොච්චාරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින තුනක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *