free web stats

‘රටම එකට’ මෙහෙයුමෙන් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට

විෂ ‍මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගතවූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ වැටලීම් දහසක් සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් 1,284 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 21ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 715ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ඊට අමතරව හෂීස්, ගංජා සහ මත්පෙති ඇතුළු තවත් මත්ද්‍රව්‍ය රැසක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 15 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළ ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 12,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *