free web stats

එජා­ප­යෙන් ගිහින් සජ­බය හැදූ අය නැවත එජා­ප­යට ඒම වළ­ක්වන්න බැහැ

එක්සත් ජාතික පක්ෂ­යත්, සමගි ජන බල­වේ­ග­යත් එකතු නොවු­ණොත් එදා එක්සත් ජාතික පක්ෂ­යෙන් ගිහින් සජබෙ හදපු පාක්ෂි­ක­යන් නැව­තත් සජබෙ අතහැරලා එක්සත් ජාතික පක්ෂ­යට එකතු වීම වැළැ­ක්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැව­සුවේ එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක ලෙස ඊයේ (10) පිට­කෝට්ටේ සිරි­කොත එජාප මූල­ස්ථා­න­යේදී වැඩ භාර ගත් අව­ස්ථා­වේ­දී.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්වම්න් පැවසූවේ,

“එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­තුමා භාර දුන් අලුත් තන­තුරේ වග­කීම් අද මා භාර ගත්තා. හරි­ය­ටම අවු­රු­ද්දක කාල­යක් දේශ­පා­ල­නික වශ­යෙන් අපි කළ යුත්තේ කුමක්ද කියන දේ ගැන, එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොකක්ද කියන එක ගැන, එක්සත් ජාතික පක්ෂය රටට මොන­වාද කර තියෙන්නේ කියන එක ගැන හිතුවා. නිද­හස දිනා දීමට ඇරඹි එක්සත් ජාතික පක්ෂය අද තවත් කර්ත­ව්‍ය­ය­කට උර දී සිටි­නවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රශ්න­යක්, අර්බු­ද­යක් පැන නැඟුණු සෑම මොහො­ත­කම පක්ෂ පාට නොබලා සියලු දෙනා එකතු කර­ගෙන රටේ උන්න­ති­යට කට­යුතු කළ පක්ෂ­යක්.

වත්මන් ආණ්ඩු­වට චෝදනා කර­නවා වෙනු­වට එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය, ප්‍රති­ප­ත්තිය සමඟ අලුත් වැඩ­පි­ළි­වෙ­ළක් ඉදි­රි­යට ගේන්න අපි සූදා­නම්. ආණ්ඩු­වට දේශ­පා­ල­නික දිශා­න­ති­යක් නෑ. හරි­යට බැලු­වොත් ආණ්ඩුව දක්ෂි­ණාං­ශි­කයි. සමා­ජ­වා­දය නෑ. එක්සත් ජාතික පක්ෂය හැම­දා­මත් දේශ­පා­ලන ප්‍රති­ප­ත්ති­යක හිටියා. ඒ දේශ­පා­ලන ප්‍රති­ප­ත්තිය තුළ පිහිටා රට පුරා අලුත් මුහු­ණු­ව­ර­කින් එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත බල­වේ­ග­යක් ඉදිරි මාස හයේ නිර්මා­ණය කර­නවා කියන පොරොන්දුව මේ අව­ස්ථාව ලබා දෙනවා.

සමගි ජන බල­වේ­ගය සමඟ එක්ව කට­යුතු කරන්න අවශ්‍ය කට­යුතු මේ වන විට සිදු වෙමින් පව­ති­නවා. අපි ඇතු­ළුව එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂි­ක­යන් සමගි ජන බල­වේ­ගය නිර්මා­ණය කළා. පක්ෂ නාය­ක­යන්, තන­තුරු දරන අය මොන මත­යක් දැරු­වත් එක්සත් ජාතික පක්ෂ­ය­ටත්, සමගි ජන බල­වේ­ග­ය­ටත් එකතු වෙන්න කියලා ගමේ ඉල්ලී­මක් තිබෙ­නවා. එහෙම නොවු­ණොත් එදා එක්සත් ජාතික පක්ෂ­යෙන් ගිහින් සජබෙ හදපු පාක්ෂි­ක­යන් සජබෙ අතහැර එක්සත් ජාතික පක්ෂ­යට එකතු වන එක වළ­ක්වන්න බෑ. අපි කියලා නෙවෙයි ගමේ සමු­ප­කාර ඡන්ද­යට මිනිස්සු එකතු වුණේ. ගමේ මිනිස්සු අපට කියන්නේ නාය­ක­යන් එකතු වුණත්, නැතත් අපි එකතු වෙනවා කියන එකයි. අපි හිත­නවා පක්ෂ නාය­ක­ත්වය මේ සම්බ­න්ධ­යෙන් තීන්දු ගනියි කියලා.

රට තුළ ලොකු අර්බු­ද­යක් නිර්මා­ණය වෙමින් තිබෙන මේ අව­ස්ථාවේ පොදු විප­ක්ෂ­යක අව­ශ්‍ය­තාව තිබෙ­නවා. එහිදී අපට අපේ මතය දරන්න පුළු­වන්. හැබැයි පක්ෂ විදි­යට වෙන වෙනම කට­යුතු කළ හැකියි. ලොකු අර්බු­ද­යක් නිර්මා­ණය වෙමින් තිබෙන මේ අව­ස්ථාවේ අපි තීන්දු­වක් ගත යුතුයි. මේ මස 21 වැනිදා තියෙන්නේ ඒ සමස්ත විප­ක්ෂ­යේම වැඩ­පි­ළි­වෙ­ළක්. මේ රැලිය සාර්ථක වෙයි. දේශ­පා­ලන බලය පෙර­ළන්න නෙවෙයි අපි එක්වෙන්නේ.

රනිල් වික්‍ර­ම­සිංහ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සංචි­ත­යක් තියලා ගිය නිසයි වාහන ගෙන්වන්න පුළු­වන් වුණේ. තවම වාහ­නේට නම්බර් ප්ලේට් එක දෙන්න බෑ. උරු­මය හිමි­කම වුණා. අස්වැ­සු­ම­ටත් වෙන නමක් ගේන්න හද­නවා. ඒ විදි­යට රනිල් වික්‍ර­ම­සිංහ මහතා කර­ගෙන ගිය වැඩ­පි­ළි­වෙළ අප­ටත් වඩා දක්ෂි­ණාං­ශික විදි­යට දැන් ආණ්ඩුව කර­ගෙන යනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *