free web stats

බුද්ධි අංශ අනාවරණයක් ගැන ජනපති කියපු දේ

මීට පෙර මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී තමාට අනාවරණ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (13) කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම පුරෝකථනය කළ හැකි ආර්ථිකයක් වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔහු සඳහන් කළේ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ නංවා ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ 36වැනි ඉල්මහා විරු සමරුව එම පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨ පරිශ්‍රයේදී පැවැත්වුණා.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු එම පක්ෂයේ මියගිය පිරිස සිහිගන්වමින් පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදු කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *