free web stats

මේ වසරේ රිය අනතුරු වල වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරු වල වැඩිවීමක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

නොසැලකිලිමත් රිය ධාවනය , අධික වේගය , මාර්ග වල පවතින දුර්වලතා මෙම තත්ත්වයට හේතුව බව එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළා.

රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයින් 6000ත් 8000ත් අතර සංඛ්‍යාවක් ආබාධිත වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙනවා.

මේ අතර මාතර, තිස්ස ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල මංසන්දියේදී සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ එම අනතුරින් තුවාල ලැබු සංඛ්‍යාව 43කී.

මේ අතර පසුගිය 10 වැනිදා තලාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර මාර්ගයට නොගැලපෙන වේගයකින් ගමන් කිරීම හේතුවෙන් සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

එම අනතුරින් 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගිය අතර තුවාල ලැබු සංඛ්‍යාව 46 ක් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *