free web stats

ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙල කපා ඝාතනය කෙරේ

ඊශ්‍රායලයේදී තියුණු ආයුධයකින් පහර දී ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ 38 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස ඝාතනය කර ඇති බවයි.

ඔහු දෙදරු පියෙකි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු ඊශ්‍රායලයට පැමිණ ඇති අතර ඉදිකිරීම් සේවා අංශයේ වඩු කාර්මිකයෙකු ලෙස කටයුතු කර තිබුණා.

තවත් පුද්ගලයෙකු සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඝාතනය සිදුව තිබෙනවා.

සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය හෙළි කර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *