අටවන ජනපති රනිල් වික්රමසිංහ ඉන්දියාවට
හිටපු අටවන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
රනිල් වික්රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහ මහත්මිය ද ගුවන් ගමනට එක්ව තිබේ.
ඔවුන් අද උදෑසන 8.40ට ශ්රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියා.

