මාලිමාව චූන් වෙච්ච ඒකාබද්ධ රැළිය
ඊයේ දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ යැයිි කියාගන්නා පක්ෂ කීපයක් එකතු වෙලා නුගේගොඩ මංසන්ධියේදී ජනතා රැලියක් පවත්වනු ලැබුවා.
නමුත් ඒ අය ඒකාබද්ධ විපක්ෂය කිව්වත් ඇති ඒකාබද්ධ කමක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ.
කොට්න්ම පැවසූවොත් ජනතා මනාපයෙන් නිල වශයෙන් පත් වූ ප්‍රධාන විපක්ෂය එම රැලිය තුළ නියෝජනය නොකිරීම මනාව කැපී පෙනුණා.
සැබෑ විපක්ෂ නායකවරයා ගෙදර තියලා ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩ මංසන්ධියේදී එකතු වෙලා ජනරැළියක් පවත්වලා ආණ්ඩුවට එරෙහිව එක එක කතා කියන කොට හැගුනේ ජනතාවට වඩා ආන්ඩුව ගෙදර යවන්න උත්සාහ කරන්නේ හොර ලේබල්,ජඩ ලේබල්,මැර ලේබල් වැදිලා තියෙන තවමත් නීතියෙන් ඔප්පු නොව් ඉන්න පාර්ලිමේන්තුවට එන්න බැරිව කෙදිරි ගාන හිටපු දේශපාලකයිනට බවයි.
කොහොම නමුත් ආණ්ඩුවට එරෙහිව රැළියක් පැවැත්ව්ම පිළිබඳව අදහස මුලින්ම ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය වුණත් පසු කාලයේදී ඒ බැටන් එක නාමල් රාජපක්ෂ අතට ගත්තා.
නාමල් රාජපක්ෂලාට වඩා මේ රැලිය පිළිබඳව නොම්ලේ ප්‍රචාරණය ලබා දුන්නේ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුයි.
කොහොම නමුත් ඊයේ දිනයේදී ඒකාබද්ධ විපක්ෂය වූ එම පිරිස නාමල්ගේ නායකත්වයෙන් නුගේගොඩ දී රැලිය පවත්වනුු ලැබුවා.
එම රැළිය තුළදී දැක ගන්නට පුළුවන්කම ලැබුණේ නාමල් රාජපක්ෂලාගේ සංවිධාන ශක්තියේ තවත් බොහෝ අඩුපාඩුකම් හදා ගැනීමට තිබෙන බවයි.
ආණ්ඩු විරෝධී රැලියක් පවත්වන මෙවන් මොහොතක ව්දුලි ව්සංදී වීමක් සිදුවූවොත් අඩුම ගානේ හදිස්සියකට ප්‍රයෝජනයට ගැනීමට ජෙනරේටරයක් වත් ඔවුන් පෙරෙ සූදානම් කර තිබුණේ නැහැ.
ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය තුළ තවමත් හරි ආකාරව සමගියක් නොමැති බවද තලතාට පුටුවක් හොයාගන්න අමාරු වීමෙන්ම දකින්නට පුළුවන්කම ලැබුණා.
කොහොම නමුත් ඊයේ දිනයේදී ආණ්ඩු විරෝධී රැලියකට සියල්ල ඒකාබද්ධ වෙලත් නුගේගොඩට ජතාව ගෙන ඒමට හැකියාව ලැබුණේ දහ දාහකට ආසන්න පිරිසක් බවයි දැන ගන්නට ලැබෙන්නේ.
ඒකාබද්ධ නාමල්ගේ විපක්ෂය එහෙම උඩ එන්න දගලන ව්ට මේ රැලිය ගැන ආණ්ඩුවේ හැසිරීම නම් හරිම බොලද ලාමක ව්දිහටයි දකින්නට ලැබුණේ .
මේ නාමල්ගේ ඒකාබද්ධ රැලියට පැමිණි ජනතාවට වඩා පහුගිය ජනාධිපති මැතිවරණයට නුගේගොඩ තිබ්බ ජාතික ජනබල වේගයේ රැලියේ සෙනග වැඩ් බව පෙන්වම්න් මාලිමාවේ සමහර උදව්ය උදම් අණනවා මේ දිනවල දකින්නට පුළුවන්.
ඇත්තටම උදම් ඇනීමක් නොවයි සිදුව්ය යුත්තේ, ජනතාව දුන් අසීමිත ජන බලය ප්‍රයෝජනයට අරගෙන හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ නීති සම්මත කර මේ හොර,ජඩ,මැර ලේබල් වැදිලා ඉන්න මේ උපාසක මහත්වරුන්ගේ චෝදනා හැකි ඉක්මනින් ව්මර්ශනය කර නීතිය හමුවට ගෙන ඒමයි.
එහෙම නොකළොත් ආණ්ඩුවටත් වෙන්නේ පසුතැව්ලි වන්නටයි.
බලය තියෙන කොට බලය හරියට පාවිච්චි නොකර බලාගෙන සිට්යොත් වැඩ් කාලයක් යන්නට පෙර යහපාලන ආණ්ඩුවට වෙච්ච දේ සිදුවිය හැකියි.
නයා උනත් අවශ්‍ය තැනදී පෙනේ පුප්පා නයා කියා පෙන්වූයේ නැති නම් නයාවත් දර ම්ට්යටත් ගැට ගහන්න පුළුවන් කියන ඒ පැරණි කියමන ආණ්ඩුවට මතක් කර දෙන්නේ දැන් ආණ්ඩු බලය අරගෙන වසරක් ගතවී තිබෙන පසුබිමකයි.
බහුතර ජනතාවගේ බලාපොරොත්තුව කැමැත්ත ඉක්මනින් ඉටු නොකර ආන්ඩුව නාමල්ලාගේ ඒකාබද්ධ රැලි වලටත් චූන් වෙවී අපිට ජන බලය බහුතරය තියෙනවා කිය කියා උදම් අනම්න් හිට්යොත් වෙන්නේ මේ පොඩ් රැලි මහා සුනාම් උදම් රැලි වෙන්න පුළුවන් බවයි.
ඒ බව ආන්ඩුවේ උදව්ය හොදින් මතකයේ තියාගත්තොත් නම් හොදයි.
මොකද මේ ජනතාව දේශපාලන පොරොන්දු වලට හැමදාම හොදටෝම රැවට්ලා දේශපාලනය කියන එක අන්ත තිත්ත වෙලා ඉන්න ජනතාවක්.
මේ තමයි ඔවුන්ගේ අන්තිම බලාපොරොත්තුව එයත් බොදවී ගියොතින් මේ රටට නම් දෙයියන්ගේ පිහිටයි.

