නායගිය ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම ඇරඹේ
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට බෙරගල යුද හමුදාව මැදිහත්වීම මත සිදුකෙරෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානය පැවසුවේ මේ අනුව ඉදිරි පැය 24ක කාලය තුළත් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බවයි.
ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් මේ සඳහා විකල්ම මාර්ග භාවිත කළ යුතු බවත් සඳහන් කර ඇති එම සංවිධානය පැවසුවේ ඒ සඳහා කොළඹ සිට කුරුණෑගල හරහා මහනුවර දක්වාත්, කොළඹ සිට කරඬුපන හරහා මහනුවර දක්වාත්, කොලඹ සිට මාවනැල්ල, හෙම්මාතගම, රම්පල හරහා මහනුවර දක්වා මෙන්ම කොළඹ සිට මාවනැල්ල, ගනේවත්ත හන්දියෙන් කොවිල් කන්ද හරහා පිළිමතලාව, මහනුවර දක්වාත් වූ විකල්ප මාර්ග භාවිත කළ හැකි බවයි.
එමෙන්ම හෙට (24) දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශය වෙත යන දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් ආරක්ෂිතව සලසා දීමට කටයුතු යොදා ඇතැයිද එම සංවිධානය සඳහන් කළා.
තවද මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටින ලෙසත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා ඇතැයිද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

