free web stats

පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක නාමපුවරු ඉවත් කළ අයට වෙන්න යන දේ

මඩකලපුවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සඳහා මඟ පෙන්වන නාමපුවරු කිහිපයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කාලාන්තරයක් පුරාවට රජයේ සාමාන්‍ය ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙම නාම පුවරු සවි කිරීම සිදු කරමින් තිබූ බවයි.

කෙසේ වෙතත්, සංවිධානාත්මක කණ්ඩායමක් එම ප්‍රදේශයේ පුරා විද්‍යා ස්ථාන හතරකින් මෙම පුවරු ඉවත් කර ඇති බවත් සිද්ධිය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයාටද දැනුම් දී ඇති අතර, මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියා.

සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් වගකිව යුතු පුද්ගලයින් ඉක්මනින් හඳුනා ගැනීමට කටයුතු කරන බවත් අවධාරණය කළ හිනිදුම සුනිල් සෙනවි මහතා තවදුරටත් සඳහන් කළේ මෙම ක්‍රියාව පසුපස දේශපාලන අවශ්‍යතා සහිත පිරිසක් සිටින බව පැහැදිලි වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *