free web stats

උපරිම මිළ නියම කළ ඖෂධ වැඩ් මිලට දුන්නොත් වැඩ වරදියි

උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

උපරිම මිල නියම කළ ඖෂධ ලැයිස්තුව මේ වනවිට WWW.NMRA.GOV.LK වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති බව කොමිසම සඳහන් කළා.

එම මිළ ගණන් ඉක්මවා ඖෂධ අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවිය හරහා පැමිණිලි කිරීමේ හැකියාවද පවතින බව අධිකාරිය ප්‍රකාශ කරනවා.

ඖෂධ වර්ග 350 කට උපරිම මිල නියම කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා පියවර ගත්තා.

එම මිල නියම කිරීමත් සමග ඇතැම් ඖෂධ වර්ගවල මිළ ගණන් සියයට 40 කට උපරිමයකට යටත්ව මිළ අඩු කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *