ඉම්රාන් ඛාන් ඝාතනය වූ සමාජ මාධ්‍ය පුවත අසත්‍යයක්
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉම්රාන් ඛාන් ඝාතනය කර බන්ධනාගාරයෙන් ඔහුගේ සිරුර ඉවත්කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා රාවල්පින්ඩු ආඩියාලා බන්ධනාගාර නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) නිර්මාතෘ ඉම්රාන් ඛාන් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවට පැතිර යන කටකතා බදාදා අඩියාලා බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, ඔහු බන්ධනාගාරය තුළම සිටින බවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් නැවත තහවුරු කළා.
ඔහුව බන්ධනාගාරයෙන් මාරු කිරීම හෝ ඝාතනය කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය පළවීම් “පදනම් විරහිත” බව නිලධාරීන් අවධාරණය කළ අතර, පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) නිර්මාතෘ ඉම්රාන් ඛාන්ට සම්පූර්ණ වෛද්‍ය ප්‍රතිකාර දිගටම ලැබෙන බවට බන්ධනාගාර බලධාරීන් මහජනතාවට සහතික වීමක් සිදු කර ඇතැයි පාකිස්ථාන් ටු ඩේ වෙබ් අඩවිය වාර්තා කර ඇත.
කෙසේ නමුත් ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී කුරිරු පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් වාර්තා වන අතර ඔවුන් තිදෙනා මාසයක කාලයක් සිට ඉම්රාන් ඛාන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද, මෙතෙක් ඒ සඳහා අවසර ලබා දී නොමැති බව සඳහන් වේ.
PTI පකිස්ථාන ටෙහ්රීක් ඊඉන්සාෆ් පක්ෂය නිර්මාණය කරමින් බලය ලබා ගත් ඉම්රාන් ඛාන් 2022 එවකට විපක්ෂය විශ්වාස භංග යෝජනාවක් හරහා බලයෙන් ඉවත්කල අතර 2023 අගෝස්තුවේදී සිට ඔහුව සිරගත කර සිටින්නේ දූෂණය හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඇතුළු චෝදනා ගණනාවක් එල්ල කරමිනී.
පකිස්ථානයේ 19 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ ඔහු 1992 පකිස්ථානයට ලෝක කුසලානය ලබා දීමට නායකත්වය ලබා දුන්නා.
ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පසු ෂවුකට් ඛානුම් අනුස්මරණ පිළිකා රෝහල හා පර්‍යේෂණ ආයතනය පකිස්ථානයේ ප්‍රථම පිළිකා රෝහල ඇති කිරීමට ඔහු මූලික විය.
2018 – 2022 බලයේ සිටින සමයේ චීනයට බරව ක්‍රියා කල ලෙස චෝදනාවලට ලක් වූ ඔහු බලුකිස්ථාන් ආර්ථික කොරිඩෝව චීනය සමඟ ඇති කිරීමට ක්‍රියාකලත් බලයෙන් ඉවත්වීමත් සමඟ චීන ආර්ථික ක්‍රියාකාරකම් වලින් පකිස්ථානය බැහැර වූ අතර බලුකිස්ථාන කලාපය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරමින් සිටින බලුකිස්තාන බෙදුම්වාදී ගරිල්ලන්ගේ ප්‍රහාර 2024 සිට දැඩි වෙමින් පවති.

