free web stats

දුම්රිය ධාවනයට කාලගුණයෙන් බාධා

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයට සහ කැලණිවැලි දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

උතුරු දුම්රිය මාර්ගය වැල්ලව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති අතර පුත්තලම මාර්ගයේ දුම්රිය මාර්ගයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – බදුල්ල අතර ධාවනය වන සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා පමණක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *