පාකිස්තාන බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 9ක් මරුට
පාකිස්තාන හමුදාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් දකුණුදිග ඇෆ්ගනිස්තානයේ කෝස්ට් ප්‍රාන්තයේ දරුවන් 9 දෙනකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බව තලේබාන් රජය ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළා.
තලේබාන් රජයේ ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් සඳහන් කර ඇත්තේ පෙරේදා මැදියම් රැයේදී කෝස්ට් ප්‍රාන්තයේ ගුර්බාස් දිස්ත්‍රික්කයට එම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
එම ප්‍රහාරයෙන් අරාබි රටවල මැදිහත්වීමෙන් දෙරට අතර ස්ථාපිත කළ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය වූ බවට තලේබාන් රජය චෝදනා කර ඇති අතර, එවැනි ප්‍රහාරයක් එල්ල නොකළ බව කියමින් පාකිස්තාන හමුදාවේ ප්‍රකාශක අහමඩ් ශෙරිෆ් එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
පාකිස්තාන හමුදාව සිදුකළ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වී ඇත්තේ එකම නිවෙසේ පදිංචිව සිටි දරුවන් 9 දෙනකු සහ කාන්තාවක් බවත්, ප්‍රහාරයෙන් නිවෙස සම්පූර්ණයෙන්ම විනාශ වූ බවත් තලේබාන් රජයේ ප්‍රකාශක එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

