ආපදා සහන සේවා කටයුතු සඳහා රුපියල් බිලියන 1.2ක් වෙන් කෙරේ
ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක ) මුදලක් වෙන්කර තිබෙනවා.
ඊට අමතරව අවශ්‍ය මුදලක් ඉල්ලා සිටින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු දිසාපතිවරුන් දැනුවත් කර ඇත.
එසේම ජනාධිපතිවරයා සහ දිසාපතිවරුන් අතර මාර්ගගත සාකච්ඡාවක් අද(28) උදෑසන නවයට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තාවේ.

