free web stats

කැලණි ගංගාව ආශ්‍රිතව මහ ගංවතුර අවදානමක්

කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා.

කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිට් ජලාශවලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැලණි ගංගා ද්‍රෝණිය තුල නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 48ක කාලයක් තුළදී ඇහැලියගොඩ,නෝර්වුඩ්, යටියන්තොට,ගලිගමුව, රුවන්වැල්ල, බුලත් කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බ්යගම, කොළොන්නාව, කැළණිය හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බ්ම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිව්ය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව උදෑසන 6.00 ට නිකුත් කළ නිවේදනයෙන් අනතුරු අගවා තිබෙනවා.

මේ වන ව්‍ට කැලණි ගඟ ආශ්‍රිතව නාගලම්වීදිය ජල මාපකයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා ළඟා වී ඇති බවයි viparama news අප වාර්තා කරුවන් පවසන්නේ.

එය තව වර්ධනය වීමට ඉඩක් ඇති බැව්න් පහත් බිම් වල සිටින සියලු දෙනාම අවධානයෙන් සිට්න ලෙසට දැනුම් දෙනු ලබනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව උදෑසන 6.00 ට නිකුත් කළ නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *