ආපදාව නිසා ම්යගිය පිරිස ඉහළට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ 123ක් මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර, පුද්ගලයින් 130ක් අතුරුදන්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (29) උදෑසන 9ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත.
මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 102,877ක පුද්ගලයින් 373,428 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ.
එමෙන්ම පවුල් 13,690කට අදාළව පුද්ගලයින් 43,925කු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 488ක රැඳී සිටී.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 51ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 35ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට මරණ 8ක් වාර්තා වී තිබේ.
මහනුවර සිදුවී ඇති ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 67කු අතුරුදන්ව ඇති අතර, බදුල්ලේ පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන්ව ඇත.


