free web stats

කොලොන්නාවේ දැන් තත්ත්වය

අයහපත් කාලගුණය හේතුවෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23,978ක පුද්ගලයින් 109,090ක පිරිසක් බලපෑමට ලක්ව ඇති බව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා පවසනවා.

එමෙන්ම මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 23ක් මේ වනවිට ක්‍රියාත්මකයි.

කෙසේ නමුත් නිවාස හානි 60කට හානි සිදුව ඇති අතර, එක් ජීවිත හානියක් පමණක් සිදුව තිබේ.

කැලණි ගඟ පිටාර ගැලීමත් සමග ගංවතුර හේතුවෙන් ආපදාවට පත් කොලොන්නාවේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (29) පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව අනාවරණය කෙරුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු ප්‍රදේශයේ මැති ඇමතිවරු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *