හානිවූ පාසල් ගොඩනැගීමට නව වැඩපිළිවෙලක්
ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එය නම් කර ඇත්තේ ප්‍රතිෂ්ඨා නමින්.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි බවයි.
ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණයන් අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ලේකම්වරයා පැවසූවා.
ඔහු සඳහන් කළේ 1988 දුරකථන අංකයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි බවයි.
07765 823 65 හා 071 99 323 25 යන WhatsApp අංක දෙකක්ද ඒ සඳහා හඳුන්වා දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ආපදා මෙහෙයුම් කමිටුව මගින් එම කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත.
ආපදා තත්ත්වයෙන් දිවයින පුරා පාසල් 1506 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වී ඇත්තේ උතුරු පළාත තුළයි.
එම සංඛ්‍යාව 330 ක් බව සදහන්.
බස්නාහිර පළාත් පාසල් 266 කට හා මධ්‍යම පළාතේ පාසල් 136 කට මෙන්ම සබරගමුව පළාතේ පාසල් 115 කට හානි සිදුව තිබෙනවා.
නැගෙනහිර පළාතේ හානියට පත් පාසල් සංඛ්‍යාව 221ක් වේ.
වයඹ පළාතේද පාසල් 136 කට හානි සිදුව ඇති බව අමාත්‍යංශය සඳහන් කළා.
ඌව පළාතේද පාසල් 129 කට හානි සිදුව තිබෙනවා.

