free web stats

වෙනිසියුලාවේ තෙල් නැවක් අමෙරිකාවේ අත්අඩංගුවට

අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයේදී තෙල් නෞකාවක් අත්අඩංගුවට ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය මෙතෙක් අමෙරිකානු හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම තෙල් නෞකාව බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එම තෙල් නෞකාව වෙනිසියුලාවෙන් සහ ඉරානයෙන් අනුමත කළ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් බව නීතිපති පෑම් බොන්ඩි ධවල මන්දිරයේදී මාධ්‍යයට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලාවට අයත් තෙල් නෞකාව අත්අඩංගුවට ගැනීම හෙළා දකින බවට එරට රජය ප්‍රකාශ කර ඇති අතර, එරට ජනාධිපති නිකොලස් මදුරෝ එය ජාත්‍යන්තර මුහුදු කොල්ලකෑමක් ලෙස හැඳින්වූ බව ද වාර්තා වේ.

අමෙරිකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ඩොනල්ඩ් පරිපාලනය විසින් වෙනිසියුලාවට චෝදනා එල්ල කිරීම සහ යාත්‍රා කිහිපයකට බෝම්බ හෙළීම හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිකොලස් මදුරෝ අතර මෑත කාලයේදී දැඩි වාග් සංග්‍රමයක් හටගත් බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *