රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක්
රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයෙන් දැනුම් දෙන්නේ, රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් දීමනාවක් එලෙස ලබාදෙන බවයි.
එය, රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමෙන් ගෙවනු ලබන උත්සව අත්තිකාරම් හෝ වෙනත් අත්තිකාරම් වලට අදාළ වන්නේ නැත.
2026 වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා ගෙවීම් කළ හැක.
සමාන මාසික කොටස් 10කින් වර්ෂයකට 8% බැගින් වූ පොලියක් සහිතව එය අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

