ජනපති අනුරගෙන් ඕස්ට්‍රේලියානු වැසියන්ට ශෝක පණිවුඩයක්
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීම ශ්‍රී ලංකාව දැඩිව හෙළා දකින බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට දැඩි ශෝකය පළ කරන බවයි.
ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සමග අඛණ්ඩව සහයෝගයෙන් සිටින බව ජනාධිපතිවරයා පැවසුවා, ප්‍රචණ්ඩත්වයට සහ වෛරයට සමාජය තුළ කිසිදු ඉඩක් නොමැති බව අවධාරණය කරමිනී.

