free web stats

නේපා­ලය කඩුලු 8කින් පැරද වූ ශ්‍රී ලංකා යොවුන් පිල

ආසි­යානු කුස­ලාන අවු­රුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පැවති පළමු තර­ග­යෙන් නේපා­ල­යට එරෙ­හිව කඩුලු 8ක පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල අද (15) ඇෆ්ග­නි­ස්තාන යොවුන් පිලට එරෙ­හිව පිටි­යට පිවි­සෙනවා.

මූලික වටයේ දෙවැනි තර­ගය ලෙස ශ්‍රී ලංකා පිල එක්වන මේ තර­ගය අයි­සීසී ඇක­ඩමි ක්‍රීඩාං­ග­ණ­යේදී මෙරට වේලා­වෙන් පෙර­වරු 10.30ට ආරම්භ කිරී­මට නිය­මි­තයි.

‘බී’ කාණ්ඩ­යෙන් තරග කරන ශ්‍රී ලංකා පිල නේපා­ලය පර­ද­ව­මින් ප්‍රසාද ලකුණු පෙර­මුණ ගෙන සිටින අතර, ඇෆ්ග­නි­ස්තා­නය ඔවුන්ගේ පළමු තර­ග­යෙන් බංග්ලා­දේ­ශය හමුවේ කඩුලු 3ක පරා­ජ­යක් ලැබුවා.

මේ අතර නේපා­ල­යට එරෙ­හිව පෙරේදා පැවති තර­ග­යේදී ප්‍රති­වා­දීන් ලකුණු 82කට දවා­ගත් ශ්‍රී ලංකා පිල ඕවර 14.5කදී ජය හිමි­කර ගත්තේ කඩුලු 2ක් පම­ණක් දැවී තිබි­ය­දීයි.

දිමන්ත මහ­වි­තාන නොදැවී ලකුණු 39ක් සහ කවිජ ගමගේ නොදැවී ලකුණු 24ක් ඉනි­මට එක් කළා.

සිබ්‍රින් ශ්‍රෙස්තා ලකුණු 18ක් රැස් කර­මින් නේපාල ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, ශ්‍රී ලංකා පන්දු යව­න්නන් හමුවේ ඔහු සමඟ ලකුණු 10 සීමා­වට පිවි­සිය හැකි වූයේ තවත් පිති­ක­රු­වන් දෙදෙ­න­කුට පමණයි.

විශිෂ්ට පන්දු යැවී­මක නිරත වූ සෙත්මික සෙනෙ­වි­රත්න ඕවර 9.5කදී නිල­කුණු ඕව­ර­යක් ද සමඟ ලකුණු 25කට කඩුලු 5ක් බිඳ දැම්මා. මේ දස්කම හේතු­වෙන් ඔහු තර­ගයේ වීරයා ලෙස ද නම් කෙරුණා.

දුල්නිත් සිගේරා, චාමික හීන­ටි­ගල, විග්නේ­ස්ව­රන් ආකාශ් සහ රසිත් නිම්සර කඩුල්ල බැගින් දවා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *