free web stats

සී.බී. රත්නායකට ඇප

මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළා.

සැකකරු ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 573ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදුකරනු ලබන ලද විමර්ශනයකට අදාළව, ක්‍රීඩා අමාත්‍යංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සහ පශු සම්පත් අමාත්‍යංශය යන අමාත්‍යංශයන්ගේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍ර සිරි බණ්ඩාර රත්නායක යන මෙලෙස අද (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *