free web stats

2026 IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද (16) අබුඩාබි හි දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30ට එම වෙන්දේසිය ආරම්භ වීමට නියමිතව ඇත.

වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 359 දෙනෙකු ඇතුලත් වන අතර ඉන් ක්‍රීඩකයින් 246 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වේ.

එමෙන්ම විදෙස් ක්‍රීඩකයින් 113 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා එක් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු ද එක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *