free web stats

අදින් ඇරැඹෙන නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය

මේ වසර සදහා පළමුවරට පාර්ලිමේන්තු සභාවාරය අද (06) රැස්වීව තිබෙනවා

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ස්ථාපිත කිරීමට අදාළ යෝජනා සම්මතය ද අද දිනයේ අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *