free web stats

භාවිතය අත්හිටවූ ඖෂධය ගැන සොයන්න පරීක්ෂණ කමිටුවක්

මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ඔන්ඩෙස්ට්‍රෝන් නැමැති ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසුවේ අදාල කමිටුව විසින් ඔන්ඩෙස්ට්‍රෝන් භාවිතයෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම එම ඖෂධයේ සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනු ඇති බවයි.

ඔන්ඩෙස්ට්‍රෝන් නැමැති ඖෂධය මෙරට තුල දෙලක්ෂයකට ආසන්න පිරිසක් භාවිත කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *