free web stats

ටෙස්ට් කඩුලු 150 සීමාව පසුකළ දෙවන නායකයා මෙන්න

‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන දිනය වූ අද (20) සිය ක්‍රිකට් දිවියේ නායකයෙකු ලෙස දවාගත් 150වන ටෙස්ට් කඩුල්ල දවාගැනීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට හැකිවිය.

ඒ අනුව ලෝක ක්‍රිකට් පිටියේ ටෙස්ට් කඩුලු 150 සීමාව පසුකළ දෙවන නායකයා ලෙස කමින්ස් වාර්තා අතරට එක්විය.

නායකයෙකු ලෙස ටෙස්ට් කඩුලු 150 පළමුවෙන්ම පසුකරනු ලැබුවේ පාකිස්තානයේ ඉම්රාන් ඛාන් වන අතර, ඔහු කඩුලු 187ක් බිඳහෙලා තිබේ.

2011 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත් කමින්ස් මේ වනවිට සමස්තයක් ලෙස කමින්ස් කඩුලු 315ක් බිඳහෙලා සිටියි.

පාකිස්තානයෙන් බිහි වූ අග්‍රාග්‍ය නායකයෙකු වන ඉම්රාන් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 362ක් බිඳහෙලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *