free web stats

ඉන්දීය විදේශ ඇමති ලබන සතියේ ලංකාවට එන හේතුව

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක් වේ.

2025 නොවැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 600කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිලියන ගණනක් ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ල විය.

මෙම ආපදාවට පසු ‘ඔපරේෂන් සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම ආරම්භ කරමින් ඉන්දියාව වහාම ශ්‍රී ලංකාවට සහාය දක්වමින් මානුෂිය ආධාර, හදිසි සහන ද්‍රව්‍ය සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට පියවර ගෙන තිබුණා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදු වීමට නියමිත බව වාර්තා වෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංචාරයෙ මගින් ඉන්දියාවේ “අසල්වැසි ප්‍රදේශය ප්‍රථමයෙන්” ප්‍රතිපත්තිය සහ හවුල් සමුද්‍රීය අවශ්‍යතා පිළිබිඹු කරමින් අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහාය කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *