free web stats

වායු ගුණාත්මකභාවය පහළට

මෙම දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් නිරීක්ෂණය වී ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය ඉහළ ගොස් ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා.

රටෙහි වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් ඊයේ සහ අද දිනයේ නිරීක්ෂණය වූ බවත් වායු තත්ත්ව දර්ශක මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමගම මේ තත්ත්වය ඇති වන බවයි.

මෙම තත්ත්වය පසුගිය අවුරුදු කිහිපය පුරාවටම මෙම කාලසීමාව තුළ නිරීක්ෂණය වූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය රටෙහි වායු තත්ත්ව දර්ශකය එසේත් නොමැති නම් වායු ගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් පසුවෙන බවත් ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළා.

එමෙන්ම මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම හේතුවෙන් ඊට සංවේදී වෙන පුද්ගලයින් සිටින අතර ඔවුන් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ ප්‍රතිකාර ලබා ගැනීම සිදුසු වන බවද ඒ මහතා කියා සිටියා.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ මෙම තත්ත්වය අද දිනයෙන් පසුව පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *