හානිවූ ආගමික සිද්ධස්ථාන කඩිනමින් යථා තත්ත්වයට පත්කරනවා
ආපදා තත්ත්වයෙන් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන 1054කට හානි සිදුව ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සඳහන් කළේ, ආගමික සිද්ධස්ථාන 33 කට ඉන් පූර්ණ හානි සිදුව ඇති බවයි.
ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

