free web stats

වාර්තා පොතට වෙනස් වූ වාර්තාවක් ගෙනා ඇනබෙල් සදර්ලන්ඩ්

ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තම උපන්දිනය දා සිය රට වෙනුවෙන් ක්‍රීඩාකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ සීමා සහිත අවස්ථාවකදීයි.

එදින තම රට වෙනුවෙන් ගෞරවාන්විත සුවිශේෂි දක්ෂතාවයකින් ක්‍රීඩාකිරීමට ලැබෙනවා නම් එය භාග්‍යයක් වේ.

එක්දින කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (12) පැවැත්වුණු ඉන්දීය – ඔස්ට්‍රේලියා තරගයේ දී එවන් භ්‍යාගයක් උදාකරගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නියක වූ ඇනබෙල් සදර්ලන්ඩ්ට අවස්ථාව උදාවූවා.

සදර්ලන්ඩ්ගේ 24වන උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා, ඇය ඊයේ තරගයේදී ලකුණු 40කට කඩුලු 5ක් දවාත්තා.

ඒ අනුව තම උපන්දිනය දා එක්දින තරගයක කඩුලු 5ක් දවාගත් පළමු පන්දු යවන්නිය බවට ඇය පත්වූවා.

පිරිමි එක්දින තරගවලදී ද මෙම සුවිශේෂී වාර්තාව එක්වරක් වාර්තා වී තිබෙනවා.

එම සුවිශේෂී දක්ෂතාව ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන් දක්වා ඇති අතර, ඔහු 2024ට යෙදී තිබූ සිය 26වන උපන්දිනය දා දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක් දවාගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *