free web stats

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසූවා.

මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපළයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *